රුසියානු ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000 ක් මෙරටට පැමිණ තිබෙනවා. දෙවැනි මාත්‍රාවේ එන්නත් 15,000 ක්ද ඊට ඇතුළත් බවයි ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ.


මීට පෙර පළමු තොගය වශයෙන් පැමිණි එන්නත් මාත්‍රා ලබාදුන් පුද්ගලයන්ට අදාල‍ දෙවැනි මාත්‍රාව ලබාදීමට නියමිත අතර පළමු මාත්‍රාවේ එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට නියමිතය.