රටේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව අවධානය යොමු කරමින්   පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය අපෙක්ෂා කරන බවට වාර්තා වේ.


 ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පැවැත්වෙන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී මේ පිළිබඳව සාකච්ඡා වූ බව සඳහන්.


 මෙම යෝජනාව අමාත්‍යවරයාට විරුද්ධව ද නැතහොත් රජයට විරුද්ධද යන්න ඉදිරියේදී  ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.


 මේ අතර, රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජනබලවේගය විසින් සභාගත කරන ලද පළමු විශ්වාසභංග යෝජනාව මෙයයි.