ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයක් තීරණෙය් වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත වැඩ පැටවීමේ වෑයම හෙළාදකින බව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 08 විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


එම පක්ෂ අවධාරණය කරන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ආණ්ඩුවේ සාමූහික තීරණයක් බවයි. එය ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් ගනු ලැබූ තීරණයක් බවද එම පක්ෂ එකමුතුව අවධාරණය කරනවා.


එසේ තිබියදී ආණ්ඩු‍වේ ප්‍රධාන පාර්ශ්වය වන පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් සිදු කරන ප්‍රකාශ හේතුවෙන් ආණ්ඩුව පිළිබඳ ජනතා විස්වාසය බිඳ වැටිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වේ.