කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගැනීමට ලක්ව මේ වනවිට ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන්නේයැයි සැක කළ හැකි බව Sky news  වාර්තා කර තිබේ. 


චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා පාරිසරික ව්‍යසනය ලෙසයි.එම තෙල් පැල්ලම මීටර සිය ගණන් දිග බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.


මේ අතර එම නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදු වන බවට නාරා ආයතන ද තහවුරු කර තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බව එම ආයතනය පවසයි 


කෙසේවෙතත් පසුගිය දින ගණනාවක් පුරාවටම නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවේද යන්න පිළිබඳව මෙරට පාර්ශ්ව ගණනාවකගේම අවධානය යොමුව තිබුණු අතර මෙරට අදාළ බලධාරීන් පැවසුවේ කිසිදු තෙල් කාන්දුවක් සිදු නොවන බවය.