කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට පත් කළ සාමාජිකයින් අද පළමු වරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතය.


කොමිසමේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැත්වීමට නියමිතය.


එම හමුවේදී වරාය නගර ආර්ථික කොමිසම පනතට අනුව පත් කළ යුතු ඉහළ තනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.


වරාය නගර කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා සඳහන් කළේ, එම සියලු තනතුරු පත් කීරීමෙන් පසු කොමිසම සම්පූර්ණයෙන් සක්‍රීය වන බවයි.


කොමිසමේ සාමාජිකයින් මේ දිනවල කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ යටිතල පහසුකම් ඇතුළු එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ද ගාමිණි මාරපන මහතා සඳහන් කළේ ය.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය 31 වැනි දා කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයින් 07 දෙනෙකු පත් කළ අතර එහි සභාපති ධුරයට පත් කෙරුණේ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතායි.‍


එහි සෙසු සාමාජිකයින් වන්නේ,


01. මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල


02. ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම


03. ආයෝජන මණ්ඩල හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය


04. ඕරල් කෝපරේෂන් සභාපති කුෂාන් කොඩිතුවක්කු


05. මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි


06. මැක්ලරන්ස් සභාපති රොහාන් ද සිල්වා යන මහත්වරුන් ය.