වත්මන් ශූර රෆායෙල් නඩාල් ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණ තිබේ.


 ප්‍රංශයේ පැරිස් නුවර පැවති ප්‍රංශ විවෘත “ග්‍රෑන්ඩ් ස්ලෑම්” අර්ධ අවසන් පූර්ව වටයේ 13 වැනි වරට ශූරයා වූ රෆායෙල් නඩාල් 6-3, 4-6, 6-4, 6-0 ලෙස ආර්ජන්ටිනාවේ ඩියාගෝ ස්වැට්ස්මන් පරාජය කරමින් 14 වරටත් අවසන් පූර්ව වටයට පිවිසියේය. 


 ප්‍රංශ විවෘත උළෙලේදී නඩාල්ගේ 105 වැනි ජයග්‍රහණය මෙයයි.  අවසන් පූර්ව වටයේදී රෆායෙල් නඩාල් - ජොකොවිච් සමඟ තරග කිරීමට නියමිතය.