කොරෝනා එන්නතකරන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ප්‍රාදේශීය දේශපාලකයන් විවිධ බලපෑම් එල්ල කරන බවත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කරයි.


එනිසා එම බලපෑම් නතර කර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා වන විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජී. ජීවරත්න මහතා කියා සිටියි.


කොරෝනා එන්නත්කරණයේදී මෙසේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ලවන බලපෑම් නතර කිරීමට කටයුතු කළ බව ද ඔහු කියා සිටියි.


තත්ත්වය දිගින් දිගටම මේ ආකාරයෙන් පැවතුණහොත් වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොරෝනා එන්නත් කරන වැඩසටහනෙන් ඉවත්වීමේ සූදානමක සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.