මෙම සතියට නියමිත පාර්ලිමේන්තු රැස්වීම් හෙට දිනයට පමණක් සීමා කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. රටේ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹ තිබේ.


හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තු රැස්වීමට නියමිත අතර මුදල් පනත් කිහිපයක් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතය. පස්වරුවේදී කොවිඩ් වසංගත තත්වය, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න ඇතුළු රටේ වත්මන් තත්වය පිළිබඳව විවාදයක් පැවැත්වීමට නියමිත වේ.