ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පිරිසට අවශ්‍ය දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් සපයාගත නොහැකි වුවහොත් ඒ සඳහා ස්පුට්නික් ලයිට් හෝ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.


ස්පුට්නික් ලයින් මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ එක් මාත්‍රාවක් ලබාදීම ප්‍රමාණවත් වන පරිදිය. ඒ අනුව මෙම එන්නත් ලබාදීමෙන් ඔක්ස්ෆර්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට අහිතකර බලපෑමක් සිදු නොවන බවයි ගුණසේන මහතා පවසන්නේ.


ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් මාත්‍රා මිලදී ගැනීම සඳහා අදාල සමාගම සමග ගිවිසුම් අත්සන් කිරීමේ මූලික කටයුතු මේ වනවිටත් අවසන්ව ඇති අතර මීට අමතරව මොඩර්නා එන්නත මිලදී ගැනීම සඳහාද ගිවිසුම් අත්සන් කිරීමට තීණය කර තිබෙනවා.


මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා ලක්ෂ 09 ක් පමණ ජුලි මාසය තුළදී මෙරටට ලැබීමට නියමිතය.