අමාත්‍යංශවලට අයත් විෂයයන් නැවත වරක් සංශෝධනය කර තිබෙනවා. ඊයේ දිනයේදී (03) නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයක් හරහා මෙම සංශෝධන ප්‍රසිද්ධ කර ති‍බෙනවා.


මෙම සංශෝධනයට අනුව, අලුතින් පිහිටවූ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කොමිසම ජනාධිපති ලේකම් කාර්යාලය යටතට පත්කර තිබෙනවා.


මීට අමතරව නාමල් රාජපක්ෂ මහතාගේ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතට අයත් ආයතන සහ විෂයපථ ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා හා තාක්ෂණික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් හා සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන එකී අමාත්‍යංශයට අයත් වේ.