ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදනය හේතුවෙන් වසා දමා ඇති පාසල් නැවත විවෘත කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. පීරිස් පැවසීය.


2021 වර්ෂය සඳහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ගේ විෂය මාලාව රූපවාහිනී සේවය තුළින් අවසන් කරන බව ඔහු අද රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


ඔහු මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වීය,


කොරෝනා ආසාදනය අධ්‍යාපන අංශයට විශාල අභියෝගයක් වී තිබේ. පසුගිය වසරේ පාසල්වල ඉගෙනුම් කටයුතු සම්පූර්ණයෙන් ආවරණය නොවීය. සිසුන් මානසිකවත්වයද බිඳවැටි තිබේනවා.


කොරෝනා වෛරසය ශිඝ්‍රයෙන් පැතිරෙනවා  එවැනි තත්වයක් තුළ පාසල් නැවත විවෘත කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැත. පාසල විවෘත කිරීමේ දී සිසුන්ගේ සෞඛ්‍ය ත්ත්වය ‍ ප්‍රමුඛතාවය පිළිබඳව අවධානයෙන් කටයුතු කල යුතුය.


දූරදර්ශී අධ්‍යාපන ක්‍රමය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. සිසුන්ගේ ඉගෙනුම් කටයුතු මේ වන විට ගුරුගෙදර සහ ඉලෙක්ට්‍රොනික් ක්‍රමය හරහා සිදු කෙරේ. දූරස්ථ අධ්‍යාපන ක්‍රමය මඟින් සිසුන්ට සම්පූර්ණයෙන් විෂයන්  නිර්දේශ ආවරණය කල නොහැකි.


කෙසේ වෙතත් වර්තමාන අර්බුදකාරී තත්වය තුළ මෙය වළක්වා ගත නොහැක. දූරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින් ඉගෙනුම් ක්‍රියාවලිය පුළුල් කිරීමට තීරණය  කර තිබේ. ශ්‍රී ලංකා රූපවාහිණි සංස්ථාවේ සභාපති සමඟ සාකච්ඡා පවත්වමින් තිබේ.


2021 වර්ෂය සඳහා සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන්ගේ විෂය නිර්දේශය සම්පූර්ණ කිරීම සඳහා රූපවාහිනී සේවය හරහා ඉගැන්වීම් කටයුතු කිරීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.