හෙට සිට දිස්ත්‍රික්ක 12ක් ආවරණය  වන ආකාරයට  සිදුවන එන්නත්කරණ  කරන වැඩසටන්ට අනුව මාතලේ, නුවර එළිය, ත්‍රිකුණාමලය හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර මොනරාගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල සයිනොෆාම්  එන්නත ලබාදීම හෙට ආරම්භ වන බව  යුධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.


මෙම දිස්ත්‍රික්කයේ  එන්නත්කරණය වැඩසටහන ආරම්භය  කෙරෙන්නේ ඊයේ රට රැගෙන ආ සයිනොෆාම් එන්ත් මිලියනයක්  භාවිතයෙන් 


හෙට සිට දිස්ත්‍රික්ක 12ක් ආවරණය  වන ආකාරයට  සිදුවන එන්නත්කරණ  කරන වැඩසටනේ දී වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, කොරෝනා  මර්දන වැඩපිළිවෙලේ  සිටින්  රජයේ සේවකයන්, ඇඟලුම් කම්හල් සේවකයන්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනිය කාන්තාවන්ට ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන බව හමුදාපතිවරයා පවසයි.


තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක්  ලබන 9 වැනිදා  මෙරට ලැබීමට  නියමිතයි.



ඒ එන්නත් බස්නාහිර, කුරුණෑගල, රත්නපුර, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල මැයි මස එන්නත් ලබා ගත් පිරිසට දෙවන මාත්‍රා වශයෙන් ලබාදීමට නියමිතය.