විශාල පාඩුවක් අත් කරගෙන සිටින ලාෆ් ගෑස් පුද්ගලික සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පැවරීමට උත්සාහ කිරීම පිටුපස මුදල් ඇමතිවරයා සහ වෙළඳ ඇමතිවරයාට අමතරව විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයක් හොබවන ප්‍රකට දේශපාලන හිමිනමක් සිටින බව අනාවරණය වී තිබේ.


ලාෆ් සමාගමේ සභාපතිවරයා සමග ඉතා සමීප සම්බන්ධයක් පවත්වන එම හිමිනමගේ ක්‍රියාකාරිත්වය නිසා පාඩු ලබන එම සමාගම කෙසේ හෝ රක්ෂණ සංස්ථාවට පවරා දීමේ සූදානම ඉදිරියට ගෙනයමින් පවතින බව වැඩිදුරටත් හෙළි වී තිබේ. රක්ෂණ සංස්ථාවේ නිලධාරියෙකුව සිටි කුඩා බාලගේ නැමැත්තා ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ මන්ඩලයේද ක්‍රියාකරමින් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දරගේ අනුග්‍රහය ලබාගෙන මෙම කටයුතු ඉදිරියට ගෙනයමින් සිටී.


මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අගමැතිවරයාට සහ වෙළඳ ඇමතිවරයාට බරපතල විවේචන එල්ලවෙමින් තිබුණද අදාල හිමිනම සහ ජනාධිපතිලේකම්වරයාගේ මැදිහත්වීමෙන් එහි ඉදිරි කටයුතු සිදුකෙරිමින් පවතින බව හෙළි වී තිබේ.