ශ්‍රී ලංකාවේ දූෂිතම ආණ්ඩුව වන රාජපක්ෂ  ආණ්ඩුව  පෙරලා දැමීම සඳහා සියලුම බලවේගයන් එක්සත් විය යුතු යැයි විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලු බලවේගයන්ගෙන් ඉල්ලා තිබේ.


රජය කොරෝනා වෛරසය  පාලන සඳහා ගෙනයන ක්‍රියාමාර්ගවල අඩුපාඩු පෙන්වා දෙමින් ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.


කොරෝනා පැතිරෙනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා රජය රට රසායනාගාරයක් බවට පත් කර ඇති බවට විපක්ෂ නායකවරයා  චෝදනා කරයි.


රටේ සෑම අංශයකම පහත වැටීමට හේතු වී ඇත්තේ රජයේ අත්තනෝමතික, අකාර්යක්ෂම හා අවුල් සහගත පාලනය බවයි 


රුපියල් 5,000 ක් ගෙවීම, එන්නත ලබා දීම සහ රට හුදකලා කිරීම මගින් රජයට දේශපාලන වාසි ලබා ගන්නා බවට ද ඔහු චෝදනා කළේය.


 ජනතාවට හුස්ම ගැනීමේ අයිතිය අහිමි වන කාලය වැඩි ඈතක නොවන බව පැවසීය.


ඔහු  තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයා : -


සංචාරක සීමාවන් නිසා මිනිසුන්ට දෙයාකාරයකින් සලකන බවත්  දේශපාලන පසුබිමක් ඇති අයට විශේෂ දීමනා පිරිනමන බවට චෝදනා කළේය.


අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නිසි සැලසුම් නොමැත.


ගොවීන් පොහොර නොමැතිව දුක් විඳිනවා. ධීවරයන්ගේ ජීවනෝපායට ද බලපා ඇත. පාරිසරික හානිය හා වන විනාශය තීව්‍ර වී ඇත.


සිසුන්ගේ අධ්‍යාපනයට බලපෑම් ඇති වී ඇති අතර දෙපාර්තමේන්තුවේ අමාත්‍යවරයා වගකීම් විරහිතව ක්‍රියාකරමින් සිටි. රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටී ඇත.


මෙම ආණ්ඩුව බලයෙන් පහකිරීමට  අපි සියලු ක්‍රියාමාර්ග ගන්නෙමු. ජනතාවගේ සුභසාධනය සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් එක්සත් විය යුතු බව ඔහු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.