මාවනැල්ල - දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අතුරුදහන් වූ එකම පවුලේ සිව් දෙනාගේම සිරුරු මේ වන විට සොයා ගෙන තිබේ.  


පැවති අධික වර්ෂාව හේතුවෙන් එම නිවාස මතට ඊයේ රාත්‍රියේ පස් කන්දක් කඩා වැටී තිබුණි. 


 ප්‍රථමයෙන්ම දියණියගේ සිරුර සොයා ගෙන තිබුණු අතර පසුවයි සෙසු තිදෙනාගේ සිරුරු හමුව තිබුණේ.