දැනට ඉන්ධන මිල වැඩිකර ඇති ප්‍රමාණයෙන් පවා රජයට පාඩුවක් සිදුවන බවත් වෙනත් රටවල ඉන්ධන මිල සමග මෙරට ඉන්ධන මිල සංසන්දනය කර බලන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි. 


"මේ දැන් වැඩිකරලා තියෙන එකෙනුත් අපට පාඩුයි. නමුත් ජනතාව වෙනුවෙන් වෙන කරන්න විකල්පයක් නැති හින්දා තමයි ඒක කරන්න වෙලා තියෙන්නෙ. මම ඉල්ලා සිටිනවා ඔබතුමන්ලාට අනිත් රටවල් දිහාත් බලන්න. හැම රටකම ඉන්ධන මිල වැඩිකරලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 


මොහොමඩ් අලි සබ්‍රි අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ (13) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.