ICC හෝල් ඔෆ් ෆේම් හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබේ.


ජුනි 18 ආරම්භ වන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරඟය ට සමගාමීව එම නම්  කිරීම සිදුකර තිබේ.


ඔහු එම ලැයිස්තුවට එක් වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ. 


මේතෙක් එම ලැයිස්තුවට මෙරටින්  නම් කර ඇත්තේ සුපිරි දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පමණි.