ලියාපදිංචි නොකළ සමාගමක් විසින් දකුණු ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ මදුරායි නගරයේ සිට ශ්‍රී ලංකාව වෙත පැටවූ කාබනික පොහොර කන්ටේනර් තුනක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මෙම කන්ටේනර අඩි 40 ක උසකින් සමන්විත වන අතර, ලංකාවට ආනයනය කිරීමේදී නිරෝධායන නීති පවා අනුගමනය කර නොතිබූ බවයි වාර්තා වෙන්නේ.


මෙම කන්ටේනර වල අන්තර්ගත වන්නේ කාබනික පොහොර බවට රේගු දෙපාර්තමේන්තුවේ ලේඛන වල සඳහන්. එමෙන්ම මෙම කාබනික පොහොර තොගය ආනයනය කිරීම සඳහා භාවිතා කරන වර්ගීකරණ අංකය මෙන්ම ආනයනකරු ගේ ලිපිනය ද සැක සහිත බවයි වාර්තා වෙන්නේ.


කාබනික පොහොර ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැති වාතාවරණයක් තුළ මෙම කාබනික පොහොර තොගය ලංකාවට පැමිණ තිබීම ද විශේෂත්වයකි.