කොරෝනා මර්දනය සඳහා මෙරට දී කොවිෂීල්ඩ් ඇස්ටසෙනිකා එන්නත දෙවැනි මාත‍්‍රාව ගත් කිහිප දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.


ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවය කරන සේවකයන් පිරිසක් බව හෙළි වී ඇත.


කෙසේ නමුත් මේ වන විට ඔවුන් සියලු දෙනාම සුවය ලබා ඇතැයිද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කළේය.


 ඉන්දීය කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදිත වූ තවත් අයෙකු මෙරටින් හදුනාගෙන තිබේ.


 චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ මෙම ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයකින් හදුනාගත් බවය.