පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ බිම් මට්ටමේ පිහිටි ජලය මිශ්‍රිත තෙල් පිරිසිදු කිරීමට භාවිතා කරන පවිත්‍රාගාර පද්ධතියක් වැසි ජලයෙන් පිරී පිටාර ගැලීම නිසා ජලයට තෙල් මිශ්‍ර විය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කර, මෙවැනි තත්වයන් ඇතිවීම කෙරෙහි බලපෑ කරුණු අනාවරණය කර ගැනීම සහ යළි මෙවැනි තත්වයක් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා විසින් විමර්ෂණ කමිටුවක් පත් කර ඇත.


මීට අමතරව මෙම සිද්ධියෙන් පීඩාවට පත් ජනතාව සඳහා කඩිනමින් වන්දි ලබාදීම සඳහා අමාත්‍යවරයා විසින් වන්දි කමිටුවක්ද පත් කර ඇත.


අදාළ කමිටු දෙක විසින් මේ සම්බන්ධ වාර්තා දින 14 ඇතුලත බලශක්ති අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුය.