වරායෙන් නිදහස් කරගනු නොලබන හා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා ජනතාවට ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.


අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේය.


ඒ අනුව එම ආහාර ද්‍රව්‍ය සහන මිලට ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බවත් එවැනි ආහාර ද්‍රව්‍ය රාජසන්තක කිරීමෙන් පසුව නරක් වී යන බැවින් නීතිමය ප්‍රතිපාදන තුළ එම ද්‍රව්‍ය සතොස සමාගමට ලබා දී කොවිඩ් -19 වසංගතයට මුහුණ දී සිටින ජනතාවට යම් සහනයක් ලබා දීමට මේ තුළින් හැකි වන බව ද අමාත්‍යවරයා පැවසීය.


වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් මෙලෙස ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.


අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අවසර ලත් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිල දී ගැනීම සඳහා සතොස ආයතන හා ගබඩා ද විවෘතව පවතින බවය.