වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළ කළ බවට චෝදනා එල්ල වන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ අංශය මගින් අත්අඩංගුවට තිබේ.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා යුද හමුදාවේ හිටපු කපිතාන්වරයෙක් වන අතර ඔහු 2005 වසරේදී සේවයෙන් ඉවත් වූවෙකි.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම පුද්ගලයා රජය අපහසුතාවයට පත්වන ලෙස සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකර ඇති බවයි.