ගර්භණී කාන්තාවන් වෙනුවෙන් "සයිනොෆාම්" එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (09) උදෑසන ආරම්භ කර තිබේ.


ඒ අනුව වයස අවුරුදු 35 ඉක්මවූ විවිධ සංකූලතා සහිත ගැබිනි කාන්තාවන් 35දෙනෙකු සඳහා ය.


එම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.


එහිදී අදහස් දක්වමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ගර්භනී කාන්තාවන් වෙනුවෙන් එම එන්නත්කරණ වැඩසටහන ඉදිරීයේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවය.


ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීමේ ක්‍රමවේදය තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමඟ සාකච්ඡා කර ඔවුන් විසින් සඳහන් කරන දිනයට පැමිණ එන්නත ලබාගන්නා ලෙස  සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.