දේශපාලන විද්‍යාවට අනුව අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තනි ආසනයකට වුවත් අග්‍රාමාත්‍ය තනතුරට පත්වී එයින් ජනාධිපති තනතුරට ද පත්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. 



"මතක තියාගත්තට කමක් නෑ, රනිල් වික්‍රමසිංහ කියන්නේ කෘතහස්ත දේශපාලන නායකයෙක්. හොඳට මතක තියාගන්න ඕනෙ ආසන 40ටත් එතුමා අගමැති වුණා. තනි ආසනේටත් දේශපාලන විද්‍යාව අනුව ඕනෙ නම් අගමැති වෙලා ජනාධිපති වෙන්න පුළුවන්" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 


වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.