සංචරණ සීමා පැනවීමෙන් නිසි ප්‍රතිඵල ලැබීමට නම් තවත් සති තුනක් හෝ හතරක් රට අගුළු දැමිය යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.


එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ දැනට පවතින සංචරණ සීමා කාල සීමාවේ වුවද ජනතාවගේ හැසිරීම ගැන සතුටු වීමට නොහැකි බවයි.


දැනට රෝගීන් වාර්තා වීම දෛනිකව 3000 පමණ වුවද රෝගීන් දස දහසක් පමණ සමාජයේ සිටිය හැකි බව එයින් පෙනී යන්නේ යැයි ද ඇය සඳහන් කළාය.


මේ ආකාරයෙන් බැලූ විට තවත් සති තුන හතරකින් මෙරට රෝගීන් අධිකව වාර්තා වීමේ හැකියාවක් ඇතැයි ද ඇය පවසයි.


රට වසා දැමීම ආර්ථික වශයෙන් බරපතළ හානි ගෙන දෙන බව සැබෑ නමුත් එහි නිසි ප්‍රතිඵල ලබා ගැනීමට නම් ජනතාව තම සහාය ලබාදීම ඉතාම අවශ්‍ය බවද ඇය තවදුරටත් කියා සිටියාය.


කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙම අදහස් පල කරන ලදී.