උකස් මධ්‍යස්ථාන විවෘත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා වල දී තීරණය කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.


නමුත් මෙතෙක් ජනතාවගෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නැතැයිද ඒ මහතා පැවසීය.


වසන්ගතයක් ලොව පුරා පැතිර යන මෙම අවස්ථාවේ සියලු ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බවද කී ඔහු අදාල අංශ සමඟ සාකච්ඡා කර සුදුසු පියවරක් ගැනීමට කටයුතු කල යුතු බවද කියා සිටියේය.


කොළඹ දී මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ අදහස් පල කරනු ලැබීය.