හෙට සහ අනිද්දා දිනවලදී යළිත් වැසි තත්වයේ තාවකාලික වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු විය හැකිය.


ඒ අනුව බස්නාහිර, වයඹ, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවලට කඩින් කඩ වැසි ඇතිවන අතර මිලිමීටර් 75 ඉක්මවන තරමක් තද වැසිද බලාපොරොත්තු වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.