වසංගත තත්වය මර්දනය කිරීම සඳහා රටපුරා සංචරණ සීමා පනවා තිබුණද රෝග ව්‍යාප්තියේ කිසිදු අඩුවක් නොමැති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව සංචරණ සීමා පැනවීමේ නියම ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වී ඇති බවයි එම සංගමයේ විධායක කාරක සභික, වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරයි .


කොවිඩ් ආසාදිතයන් හමුවීම සඳහා කොවිඩ් හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඔක්සිජන් මත යැපෙන අසාධ්‍ය රෝගීන්ගේ ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවත් ප්‍රසාද් කොළඹගේ මහතා පෙන්වා දෙනවා. අප්‍රේල් මැයි කාලසීමාව තුළ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය 441% කින් ඉහළ ගොස් තිබෙන බවයි වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


පසුගිය මැයි මස පළමුවැනිදා සිට මේ දක්වා කොවිඩ් ආසාදිතයන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් (99,833) වාර්තා වී ඇති අතර එම කාලසීමාව තුළ වාර්තා වී ඇති මරණ ප්‍රමාණය 1111 කි.