පසුගිය ජනවාරියේ පැවති එක්සත් ජනපද ජනාධිපතිවරණයේ පරාජය පිළිනොගත් ට්‍රම්ප්,  ප්‍රචණ්ඩත්වය අවුස්සමින් සමාජ මාධ්‍යවල මත පළ කළේය. මේ අනුව ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට ඇතුළු වී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස ට්‍රම්ප්ගේ නිල ගිණුම් පසුගිය ජනවාරි මාසයේදී ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් අත් හිටවා තිබුණි.


image


ට්‍රම්ප්ගේ ෆේස්බුක් ගිණුම 2023 ජනවාරි දක්වා අත්හිටුවා ඇති බව ෆේස්බුක් අධීක්ෂණ මණ්ඩලයේ වාර්තාවක දැක්වේ. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව තහවුරු වීමෙන් පසුව ට්‍රම්ප්ගේ ගිණුමට අවසර දීමට තීරණය කරන බව ෆේස්බුක් පවසයි. 


මේ පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මැතිවරණයේදී තමාට ඡන්දය දුන් ජනතාවට අගෞරව කිරීමක් ලෙස  පවසා තිබේ.