ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටි අතර කෙසේ නමුත් ආණ්ඩුවේ තීරණය වූයේ කිසිසේත් ගෑස් මිල ඉහළ නොදැමිය යුතු බවයි.


කෙසේ නමුත් මේ වනවිට මිල ඉහළ දමන්නේද යන්න විමසා බැලීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව හෙට දිනයේදී රැස්වීමට නියමිත අතර ඒ අනුව හෙට දිනයේදී මිල ඉහළ දමන්නේද යන්න පිළිබඳව අවසන් තීරණයට එළඹෙනු ඇත.


කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 - 700 අතර ප්‍රමාණයකින් ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම් අවසර ඉල්ලා තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග නැවතත් ගෑස් සමාගම්වලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අවසර ලබාදුන් ආකාරයෙන්ම ගෑස් මිල ඉහළ දැමීමටද අවසර ලබාදිය යුතු බවයි එම සමාගම් පවසයි.