රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කරන ලද්දක් නොවන බව මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරියෙක්   සඳහන් කරයි.


ඔහු කියා සිටියේ මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් අනුමැතිය මත ඉන්ධන මිල වැඩි කිරීම මෙරට නීතියක් බවට පත් වූ බවයි.


ශ‍්‍රී ලංකාවේ නීතිය අනුව ඉන්ධන මිල වැඩි කිරීමට සහ ඉන්ධන මත බදු පැනවීමට පූර්ණ බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයට බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


එනිසා මෙවර ඉන්ධන මිල ඉහළ දැමීම මුදල් අමාත්‍යාංශය විසින් නිසි ක්‍රියා පටිපාටිය අනුව සිදුකරන ලද්දක් මිස බලශක්ති ඇමතිවරයා වන ගම්මන්පිල මහතා විසින් පමණක් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදුකරන ලද්දක් නොවන බවද ඔහු තවදුරටත් තහවුරු කළේය.


ඉන්ධන මිල ඉහළ දැමීමේ අවසන් බලධාරියා වන්නේ මහා භාණ්ඩාගාරය බවත් එනම්  මිල වැඩි කිරීමේ අවසන් බලධාරියා මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ මහතා බවත් එම ප්‍රකාශකවරයා පැවසීය.


ඒ අනුව ඉන්ධන මිල වැඩි කිරිමේ මාධ්‍ය හමුව සදහා මුදල් රාජ්‍ය ඇමතිවරයා සහභාගි වූ බවද ඔහු තව දුරටත් කියා සිටියේය.