මෙරට ළාබාලතම කොවිඩ් ආසාදිත මරණය ඊයේ (09) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව වාර්තා වේ. 


මෙසේ මියගොස් ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08ක් වයසැති බිළිඳෙකි. මැයි 27 වෙනිදා ගම්පොල රෝහලේදී මෙම බිළිඳා මියගොස් ඇති අතර මරණයට හේතුව වශයෙන් සඳහන්ව ඇත්තේ කොවිඩ් නිව්මෝනියාවයි.