ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ.


ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද ඔවුන් මේ දක්වා එම ඉල්ලීම ඉටු කර නැතැයි ක්‍රීඩකයන් කියා සිටිති.


මේ හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තෙක් ගිවිසුම් අත්සන් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විසින් දැනුම් දුන් බව ඔවුන්ගේ නීතිඥයින්  සඳහන් කරයි.


ක්‍රීඩකයන් කාණ්ඩ ගත කිරීමේදී එක් එක් ක්‍රීඩකයාට ලකුණු හිමි වූ ආකාරය හෙළි කරන්නැයි ක්‍රීඩකයන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබේ.