කොවිඩ් වසංගතයේ බිහිසුනු බව සහ ඉන් අනාගතයේදී අත්විය හැකි ප්‍රතිඵල පිළිබඳව අවබෝධයක් තිබියදීත්  නිවැරදි තීන්දු තීරණ ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා.


අවම වශයෙන් රට වසා දමන්නැයි පාර්ශ්ව ගණනාවක් ඉල්ලා සිටි අවස්ථාවේදී හෝ ආණ්ඩුව ඊට කන්දී කටයුතු කළේ නම් අද රටතුළ දක්නට තිබෙන අවාසනාවන්ත තත්වය මගහරවා ගැනීමට තිබූ බවයි කරු ජයසූරිය මහතා අවධාරණය කරන්නේ.


එන්නත්කරණ ක්‍රියාවලිය තුළද විවිධ අඩුපාඩු තිබෙන බවත්, එනිසා එන්නත්කරණය තුළින් නියම ප්‍රතිඵල ලබා ගැනීමට තවත් කාලයක් බලා සිටීමට සිදුවන බවත් හිටපු කතානායකවරයා අවධාරණය කරයි.


 එන්නත්කරණයේදී ප්‍රමුඛතා ලැයිස්තු නිසිලෙස ක්‍රියාත්මක නොවන බවටත් දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බවටත් එල්ල වන‍ චෝදනා සම්බන්ධයෙන් සිහිපත් කරන කරු ජයසූරිය මහතා පවසන්නේ ආණ්ඩුව ඉතා කඩිනමින් මෙම දුර්වලතා මගහරවා ගැනීමට කටයුතු කළයුතු බවයි.