නවසීලන්තය එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 1-0 ලෙස ජය ගත්තේය  තරග දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය එංගලන්තයේදී පැවැත්විණි.  එඩ්ග්බැස්ටන් හි පැවති දෙවන තරඟයේදී නවසීලන්තය කඩුලු 8 කින් එංගලන්තය පරාජය කළේය.


 කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දුවට පහරදීමට තෝරා ගත්තේය.  පළමු ඉනිමේදී කණ්ඩායම ලකුණු 303 ක් රැස් කළේය.  නවසීලන්තය ලකුණු 388 ක් රැස් කළේය.  දෙවන ඉනිමේදී එංගලන්තය රැස් කළේ ලකුණු 122 ක් පමණි.  එබැවින්  ලකුණු 38 ක ඉලක්කයක් පසුපස හඹා ගිය නවසීලන්තය ඕවර 10.5 අවසන් වන විට කඩුලු 2 ක් දැවී  ලකුණු 41 රැස් කර හේතුවෙන් නවසීලන්තය ජයග්‍රහණය කළේය.


 නවසීලන්ත කණ්ඩායම 1999 පසු  එංගලන්තයේදී ටෙස්ට් තරගාවලිය වසර 22 පසු  ජයගෙන තිබේ.  තරගාවලියේ පළමු තරගය ජයපරාජයකින් තොර  අවසන් විය.  සිකුරාදා සවුත්හැම්ප්ටන් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසන් තරඟයේදී නවසීලන්තය ඉන්දියාව සමඟ තරග වැදීමට නියමිතය.