පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන් අතර එකම පවුලේ සාමාජිකයන් 04 දෙනෙකුද වේ.


තවත් පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන්ව සිටින අතර දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.


මීට අමතරව පුද්ගලයන් 245?212 ක් පමණ ගංවතුර සහ නායයාම් වැනි ආපදා හේතුවෙන් විවිධ පීඩාවන්ට පත්ව සිටී.