අද වනවිට දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ ප්‍රමාණය සියය ඉක්වා ඇති බවත්, කෙසේ නමුත් එම සංඛ්‍යා ලේඛන පවා විස්වාස කළ නොහැකි මට්ටමට වසංගත තත්වය වර්ධනය වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.


වසංගතයේ සැබෑ තත්වය පිළිබඳව අ‍වබෝධ කර ගැනීමට නම් නිවැරදි සංඛ්‍යා ලේඛන ඉවහල් වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ කෙසේ නමුත් ආණ්ඩුව නිවැරදි සංඛ්‍යා දත්ත රටට ඉදිරිපත් නොකරන බවයි. නිවැරදි සංඛ්‍යා දත්ත අනාවරණය කරන්නේ නම් ජනතාවට බියට පත්ව හෝ නිවෙස් තුළට වී සිටිනු ඇති බවත් අලයක් කොලයක් තම්බාගෙන හෝ ඔවුන් ජීවත් වනු ඇති බවත් ඔහු සඳහන් කරනවා.


මීට මාස කිහිපයකට පෙර සිටම දෛනිකව පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මියගිය නමුත් ආණ්ඩුව දිගින් දිගටම එම සංඛ්‍යා ලේඛන සඟවාගෙන කටයුතු කළ බවත් තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.