වී,‍ සහල්, සීනි , කිරිපිටි සහ බඩ ඉරිඟු ගබඩා පවත්වාගෙන යන පුද්ගලයින් සතියක කාලයක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට වන ගැසට් නිවේදනයක් අද (11) නිකුත් කිරීමට නියමිතව තිබේ.


අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.


“සඟවගෙන තියෙන වී සහ සහල් තොග එළියට ගන්න හා ඒ තුළින් ඉදිරියේ දී ගන්න තීරණ මොනවා ද කියලා බැලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ 10 වන වගන්තියට අනුව අද දින විශේෂිත ගැසට් නිවේදනයක් නිකුත් කරනවා. වී,‍ සහල්, සීනි, කිරිපිටි සහ බඩ ඉරිඟු ගබඩා පවත්වාගෙන යන සියලුදෙනා සතියක් ඇතුළත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි. ඒ අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ පවතින සියලුම තොග පිළිබඳ සත්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට අවශ්‍ය විදිවිධාන නීතියෙන් අද සිට පනවනවා. තමන්ගේ ගොවිතැන් බත කරගෙන ඉන්න ගොවීන්ට තමන්ගේ නිෂ්පාදනය සම්බන්ධයෙන් මේ ගැසට් නිවේදනයේ විදිවිධාන අදාළ වෙන්නේ නෑ. “


ප්‍රශ්නය - මේ වන විට ගෑස් සිලින්ඩර එක එක බර ප්‍රමාණයෙන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා මැදිහත්වීමක් නැද්ද?


“නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීති උපදෙස් පතලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවෙන්“