දැනට පවතින ගංවතුර තත්ත්වය පහව ගිය පසු ප්‍රදේශ කිහිපයක PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමට ඉල්ලීමක් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා පවසයි.


ඔහු පෙන්වා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව එම PCR පරීක්ෂණ වැඩි කිරීමට බලාපොරොත්තුවන බවය.


"ගංවතුර තත්ත්වය බැසගොස් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වූ වහාම ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇළ, වත්තල, කැලණිය, කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශවල PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා ඉල්ලීමක් කරලා තියෙනවා.