ශ්‍රී ලංකාවේ දෛනික PCR පරීක්ෂණ ගණන වහාම වැඩි කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා තිබේ.


මේ බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපියක සඳහන් වේ.


රජය නියමිත වේලාවට සංචාරක තහනම පැනවූයේ නැත්නම් සෞඛ්‍ය අංශය ඇතුළු රටේ සෑම අංශයකම අවුල් සහගත තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බව වෛද්‍ය සංගමය පැවසීය.


දිවයින පුරා රෝහල්වල කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ඇඳන් නොමැති ත්ත්වයක් උදා වීමත් සමඟ රොගින් පොලවේ තබා ප්‍රතිකාර කරන බවද වෛද්‍ය සංගමය පෙන්වා දී තිබේ.


කොරෝනා උත්සන්න වීමත් සමඟම වෙනත් රෝගවලින් පෙළෙන අයට  ප්‍රතිකාර  කිරිම ගැටලුවක් පවතින බව වෛද්‍ය සංගමය පවසයි.


දෙවන මාත්‍රාව කඩිනම් කර රට තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස   ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිතුමා වෙත යවන ලද ලිපියෙ සඳහන් කර ඇති.