සෙනසුරාදා මගීන් 290 ක් රැගත් ගුවන් යානයක් යොදා සංචාරක ව්‍යාපාරය    ආරම්භ කිරීමට කටයුතු කර  ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.


ඒ හරහා වසර අවසානයේ  ශ්‍රී ලංකාවට රුසියානුවන් 26000 සංචාරක ව්‍යාපාරය හරහා රැගෙනවිත්  ඩොලර් මිලියන 40 ක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකික් තිබේන  බව ඔහු පවසයි.


යුක්රේන සංචාරකයන් මෙරටට කොරෝනා බෝ කළා  යැයි  එල්ල වන චෝදනා අසත්‍ය බවත් ඒවා සංචාරක ව්‍යාපාරය කඩාකප්පල් කර ජනතාව ප්‍රකෝප කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කරන පිරිස් විසින් සිදුකරන ලද ඒවා බව ද ඔහු තවදුරටත් කියා සිටියා.