ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රෝන් මහතාට ප්‍රසිද්ධ ස්ථානයකදී සිය රටවැසියෙකුගේ පහරකෑමට ලක්වීමට සිදුව තිබෙනවා. අද (08) දකුණු ප්‍රංශයේ සිදුකළ සංචාරයක් අතරතුරදී ජනාධිපතිවරයාට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.


කොවිඩ් 19 වසංගත තත්වයෙන් පසුව සාමාන්‍ය ජනජීවිතය යථා තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා දකුණු ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියේය. ඔහු සිය ආරක්ෂකයන් පිරිවරා පා ගමනින් ගමන් කරමින් සිටියදී අසල රැස්ව සිටින ප්‍රංශ ජාතිකයන් පිරිසක් සමීපයට ගමන් කර තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙකු ජනාධිපතිවරයාගේ අතින් අල්ලාගෙන ඔහු‍ගේ කම්මුලට ප්‍රහාරයක් එල්ල කර තිබේ.



ආරක්ෂකයන් වහා මැදිහත් වී මැක්රෝන් ජනාධිපතිවරයා ඔහුගෙන් මුදාගෙන ඇති අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කම්මුල් පහර එල්ල කළ පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.