දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් මිලදී ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන රජයෙන් සිදුකළ ඉල්ලීමට යහපත්  ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වේ.


ජනාධිපතිවරයා සහ මෙරට ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අතර හමුවක් අද (09) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී ජපාන තානාපතිවරයා පවසා තිබෙන්නේ සිය අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා යහපත්  ප්‍රතිචාර දක්වා ඇති බවයි.


කොවිඩ් වෛරසය මර්දන සඳහා අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා සිදුකළ ඉල්ලීමටද ජපාන රජය ලබා දීමට  එකඟතාවය පළකර තිබෙනවා.


එමෙන්ම සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජපන් තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා