එක්දින සහ 20/20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් තීරණය කර තිබෙන්නේ මෙම සංචාරයට අදාල ගිවිසුමට අත්සන් නොකර එංගලන්තය බලා පිටත්ව යාමටයි.


ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය සමනය වනතෙක් ඉදිරිය්දී පැවැත්වීමට නියමිත සියලු සංචාර සඳහා තරගාවලි ගිවිසුම්වලට අත්සන් නොතැබීමටද ක්‍රීඩකයන් තීරණය කර තිබෙනවා. ක්‍රීඩකයන් 38 දෙනෙකු විසින් මෙම තීරණයට එළඹ තිබේ.


 

ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් සකස් කිරීමේදී ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් මෙන්ම නවක ක්‍රීඩකයන්ද ශ්‍රේණිගත කිරීම සඳහා අනුගමනය කර ඇති ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් බහුතරයක්ම විවේචන කර තිබෙනවා.