මේ මස 29 වනදා සිට අදියර හතරකින් පාසල් නැවත විවෘත කෙරෙන බවට මතයක්  සමාජ මධ්‍යවල දක්නට ලැබේ.


මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා එම තොරතුරු ප්‍රතික්ෂේප කර තිබේ. පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය තවම තීරණය කර නොමැති බවද ඔහු පැවසීය.


කෙසේ වෙතත්, 7 වනදා දක්වා රට පුරා ක්‍රියාත්මක කර ඇති සංචාරක සීමාවන් 14 වනදා දක්වා දීර්ඝ  කරන බවට නිල නිවේදනයට පෙර සමාජ මාධ්‍යවල තොරතුරු දක්නට ලැබීය .