இஸ்ரேல் நாடாளுமன்ற தேர்தல் பிரதமர் பெஞ்சமின் நேதன்யாகு கட்சி மீண்டும் வெற்றி


ඊශ්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු අගමැතිවරයාගේ රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ‍අගමැතිවරයා පරාජයට පත්ව තිබෙනවා. අද එරට පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිවාරයකදී අගමැතිවරයාට ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් විය.


නෙතන්යාහු මහතා පසුගිය වසර 12 ක කාලය තුළ ඊශ්‍රායල අගමැතිවරයා ලෙස කටයුතු කළේය. ඊට පෙර 1996 සිට 1999 දක්වාද ඔහු අගමැතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.


ඒ අනුව නව ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත අතර දක්ෂිණාංශික ජාතිකවාදියෙකු වන යමිනා පක්ෂයේ නෆ්තාලි බෙනට් මහතා පත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහු 2023 ව‍සරේ සැප්තැම්බර් දක්වා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ඉන් පසුව යෙශ් අටිඩ් පක්ෂයේ යයීර් ලැපිඩ් වෙත බලය හුවමාරු කර ගැනීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඔහු තවත් වසර දෙකක් අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.


නෙතන්යාහුගේ ආණ්ඩුවට එරෙහිව දක්ෂිණාංශික පක්ෂ 03 ක්, වාමාංශික පක්ෂ 02 ක් සහ අරාබි ඉස්ලාම් කොන්සර්වේටිව් පක්ෂය එක්ව තිබෙනවා.