සංචාරණ නීති වලට අනුගතව නිවසේම රැඳී සිටිය හොත් 14 වන දා වන විට යම් යම් සංචරණ සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.


නමුත් සංචරණ නීති නොතකමින් කටයුතු කළහොත් තව කොපමණ කල් මෙසේ රට වසා දැමීමට සිදු වෙතැයි කිව නොහැකි බවද ඔහු පැවසීය.


කෙසේ වෙතත් ජනතාව නිරෝධායන නීති වලට අනුගතව කටයුතු කර ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ අනුව 14 වැනි දායි යම් සීමාවන්ට යටත් රට විවෘත කිරීමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පවසයි.


14 වැනි දා සංචරණ සීමා අවසන් කිරීමට නියමිතව ඇතත් ආසාදිතයන්ගේ පොකුරු, අනු පොකුරු පිළිබඳව සලකා බලා ඒ ගැන වසංගත රෝග විද්‍යාඥයන් ගේ හා සෞඛ්‍ය විද්වතුන්ගේ මත අනුව සංචරණ සීමා ගැන තීන්දු ගනු ඇති බවද ඔහු සඳහන් කළේය.