එක්සත් රාජධානියේ හෝටලයකට බෝම්බ තර්ජනයක් එල්ල වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.


 ජී 7 සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත  හෝටලයකට මෙම තර්ජනය එල්ල විය.  අද දිනට  මෙම තර්ජනය එල්ල වූ අතර ජී 7 සමුළුව හෙට ආරම්භ වීමට නියමිතය.


 ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම 3: 15 ට එංගලන්තයේ කාර්විස් වෙරළට සැතපුම් 27 ක් දුර පිහිටි ෆල්මූත් හි හෝටලයකින් පිටත සැක කටයුතු භාණ්ඩ හමු විය.


 එතැන් සිට අමුත්තන් සහ කාර්ය මණ්ඩලය 100 ක් පමණ ඉවත් කර ඇත.


 ජී 7 සමුළුව සඳහා ජුනි 11 වන සිකුරාදා ලෝක නායකයින්ගේ පළමු රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ මෙම හෝටලයේදී ය.  එතැන් සිට, කාර්ය මණ්ඩලය සහ අමුත්තන් හෝටලයෙන් ඉවත් කර ඇති අතර, පොලිස් සහ හමුදා නිලධාරීන් 11,000 ක් සමුළු ස්ථානය වටා ආරක්ෂකවට යොදා ඇත.


 මේ සම්බන්ධයෙන්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.  හෙට ඇරඹෙන ජී 7 සමුළුව ලෝකයේ බලවත්ම නායකයින් එක්වෙන සමුළුවකී.


 බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් අතර පළමු හමුව ද මෙම සමුළුවේදී පැවැත්වේ.  කැනඩාව, ජපානය, ප්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වේ.


 ලබන වසර අවසාන වන විට ගෝලීය එන්නත සඳහා සහාය වීමෙන් කොරෝනා වෛරසය පරාජය කිරීමට සාමාජිකයින් දිරිමත් කිරීම සඳහා බොරිස් ජොන්සන් මෙම සමුළුව භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.