2018 වසරේදී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දුන් අතර එම මිල සූත්‍රයට අනුව සෑම මසකදීම ඉන්ධන මිල ගණන් තීරණය කෙරිණි.


කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව එම මිල සූත්‍රය අතහැර දැමීමට තීරණය කළේය.

 

තමන් විසින් මුදල් ඇමැති ධුරය දරන සමයේ හඳුන්වාදුන් මිල සූත්‍රය අනුව මෙරට ඉන්ධන පැවතිය යුතු මිල ගනන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හෙළිකරයි.


තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම මිල ගනන් හෙළි කර ඇත.