විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා වසංගත රෝග අංශ ප්‍රධානී ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.


ඒ අනුව ඔහුගේ ධුරය සඳහා වෙනත් ජේෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙකු පත්කිරීමට නියමිතව ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.


කෙසේ වෙතත් වෛද්‍ය සමරවීර මහතා එම ධුරයෙන් ඉවත්කලද ඔහුගේ ජේෂ්ඨත්වයට ගැලපෙන වෙනත් සුදුසු තනතුරක් ලබා දීමට ද තීන්දු කර ඇත.


කොරෝනා පාලනයේදී වූ වසංගත රෝග විද්‍යා අංශය මෙතෙක් සිදුකරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග ගැන ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයත්, විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකුත් ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු දක්වා තිබිණි.


ඒ මත සිදුකරන ලද මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගෙන ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියි.